Home උණුසුම් පුවත් පොලිස් සැරයන් පැදවූ රියේ යතුරුපැදියක් ගැටී කතුන් 02ක් මරුට

පොලිස් සැරයන් පැදවූ රියේ යතුරුපැදියක් ගැටී කතුන් 02ක් මරුට

0
පොලිස් සැරයන් පැදවූ රියේ යතුරුපැදියක් ගැටී කතුන් 02ක් මරුට

තලාව – කැකිරාව ප්‍රධාන මාර්ගයේ කටියටාව හන්දිය ආසන්නයේදී පොලිස් සැරයන්වරයෙක් ධාවනය කළ වෑන් රථයක් යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් මියගොස් අවුරුදු තුනහාමාරක් වයසැති පිරිමි දරුවකු තුවාල ලබා ඇතැයි එප්පාවල පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුර අද (04) දහවල් කාලයේදී සිදුව ඇති බවත් මියගොස් ඇත්තේ ගල්ගමුව මකුලෑවේ පදිංචි අවුරුදු 58 හා 38 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් බවත් පොලීසිය කියයි.

වෑන් රථයේ රියදුරුට නින්ද ගොස් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කරමින් තිබුණු යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here