Home special පැය බාගයයි.. ඔක්කොම සුද්දයි -අලුතින්ම ඇරපු සුපර් මාකට් එක ඉවරයි

පැය බාගයයි.. ඔක්කොම සුද්දයි -අලුතින්ම ඇරපු සුපර් මාකට් එක ඉවරයි

0
පැය බාගයයි.. ඔක්කොම සුද්දයි -අලුතින්ම ඇරපු සුපර් මාකට් එක ඉවරයි

මහා පරිමාණ රෙදිපිලි වෙළෙඳ සංකීර්ණයක් විවෘත කිරීමේ උත්සවයට එක් වූ විශාල ජනතාවක් එයට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් පාකිස්තානයේ කරච්චි නුවරින් වාර්තා වේ.

ඒ අනුව කරච්චි නුවර ඩ්‍රීම් බසාර් නමින් විවෘත කළ සුඛෝපබෝගී වෙළෙඳ සංකීර්ණය විවෘත කළ අවස්ථාවට ඊට රැස්ව සිටි විශාල ජනතාවක් එය තුලට කඩා වැදී එහි වූ රෙදිපිලි රැගෙන ගොස් තිබේ.

මෙලෙස විශාල ජනතාවක් අදාල ගොඩනැගිල්ලට කඩා වදින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පාකිස්ථාන සමාජ මාධ්‍ය තුල සංසරණය වන අතර එහිදී වෙළඳ සංකීර්ණයේ කාර්ය මණ්ඩලය දේපළවලට හානි කරන අයුරු වැලැක්වීමට නොහැකිව අසරණව සිටින අයුරුද එම විඩියෝ දර්ශන වල දැක්වේ.
වාර්තා වන අන්දමට එම වෙළෙඳ සංකීර්ණයේ කළමනාකාරීත්වය එය විවෘත කරන දිනයේ විශේෂ වට්ටම් ලබාදෙන බවට ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව අදාල වෙළෙඳසැල සවස 3ට විවෘත කර තිබූ අතර මිනිත්තු 30ක් ගතවන විට සමස්ථ වෙළෙඳ සංකීර්ණයම විනාශ කරමින් එහි තිබූ රෙදිපිලි ජනතාව විසින් රැගෙන ගොස් තිබේ.

මෙම සාප්පු සංකීර්ණය ඉදිකර ඇත්තේ විදේශයක පදිංචිව සිටින පකිස්ථාන සම්භවයක් ඇති ව්‍යාපාරිකයෙකු විසින් වන අතර ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ පාකිස්තාන ජනතාවට උසස් මට්ටමේ සාප්පු සංකීර්ණයක අත්දැකීම ලබාදීමයි.

කෙසේවෙතත් මෙලෙස දැඩි කලහකාරී තත්ත්වයක් ඇතිව තිබුණද තත්ත්වය පාලනය කිරීමට පොලිසිය අදාල ස්ථානයට නොපැමිණි බවටද චෝදනා එල්ල වේ.

 

https://x.com/TimesAlgebraIND/status/1830166113205846414?t=IIE8G3vtZQG37fnqoDjwUA&s=19

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here