Home special ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6ක් කෲර ලෙස මරාදමලා

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6ක් කෲර ලෙස මරාදමලා

0
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6ක් කෲර ලෙස මරාදමලා

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා එල්ල කළ ප්‍රහාරයේද සිය ග්‍රහනයට ගත් ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ සමත්ව තිබේ.

ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගත් පිරිසගේ සිරුරු දකුණු ගාසා තීරයේ උමං මාර්ගයකින් හමුවී ඇති අතර ඊශ්‍රායල හමුදා ඔවුන් වෙත ළඟා වීමට සුළු මොහොතකට පෙර ඔවුන් ඝාතනය කර ඇති බවට ඊශ්‍රායල හමුදාවන් නිවේදනය කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ Carmel Gat, Hersh Goldberg-Polin, Eden Yerushalmi, Alexander Lobanov, Almog Sarusi සහ Ori Danino යන පිරිස වන අතර ඔවුන් මුදවා ගැනීමට කටයුතු කරන ලෙසට පසුගිය කාලය පුරාවමට ඊශ්‍රායල ජනතාව විශාල වශයෙන් එරට රජයෙන් ඉල්ලීම් කර තිබිණි.

“අපගේ මූලික ඇස්තමේන්තුවට අනුව, අපි ඔවුන් වෙත ළඟා වීමට ටික වේලාවකට පෙර ඔවුන්ව හමාස් ත්‍රස්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කර තිබේ,” යනුවෙන් ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

ප්‍රාණ ඇපකරුවෙන්ගේ සිරුරු හමුවීමත් සමඟම ඊශ්‍රායලය පුරා දැඩි විරෝධතා රැල්ලක් රට අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව ආරම්භ වී තිබේ.

මීට මූලිකම හේතුව වී ඇත්තේ මේවන විට මාස 10ක කාලයත් ක්‍රියාත්මක මෙම යුද්ධය අවසන් කරමින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට අදාල සාක්ච්ඡා පැවැත්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මාස ගණන් ප්‍රමාද කළ බවට චෝදනා එල්ලවීමයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තමවමත් ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වීමද විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here