Home උණුසුම් පුවත් විදුලි බිල අඩුකරන හැටි අනුර කියයි

විදුලි බිල අඩුකරන හැටි අනුර කියයි

විදුලි බිල අඩුකරන හැටි අනුර කියයි

තම පාලනයක් යටතේ විදුලිබිල තුනෙන් එකකින් අඩු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතාවට ජීවත්විය හැකි රටක් නිර්මාණය කරන බවද ඒ මහතා කියා සිටී

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරමින් ගල්කිස්සේ පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

පුරවැසියන්, සතා සිව්පාවා මෙන්ම පරිසරයත් සුරකින බව හෙතෙම අවධාරණය කරයි.

පරිසරය පිළිබද විශේෂ අවධානය යොමු කර ඇති බව ඔහු පෙන්වාදුන්නේ ජාතික ජනබලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

පරිසරවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටි අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැළියක් කිරිදිවැල නගරයේදී පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here