fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"අනුර-සජිත් කියනවා විදියට බදු අඩුකරන්න බෑ, ජීවන බර සැහැල්ලු කරන්න ඕනෑ"

    “අනුර-සජිත් කියනවා විදියට බදු අඩුකරන්න බෑ, ජීවන බර සැහැල්ලු කරන්න ඕනෑ”

    spot_img

    ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කිරීම, රැකියා ලබාදීම, බදු බර අඩුකර දරාගත හැකි බදු ක්‍රමයක් ඇති කිරීම, ආර්ථික ප්‍රවර්ධනය කර අපනයන ආර්ථිකයක් ඇති කිරීම, උරුමය සහ අස්වැසුම වැඩසටහන් ආරක්ෂා කර සුදුසු සියලුදෙනාට එය ලබාදීම යන ප්‍රධාන අරමුණ 05 යටතේ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවළෙක් බව ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පෙරවරුවේ බණ්ඩාරවෙල පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    “මම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වුණේ මේ රට බේරගන්න පක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා එක් වූ නිසයි. මම ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ පසු එදා අප සිදුකළ වැඩකොටස මෙන්ම අද ලබා තිබෙන ආර්ථිකය ප්‍රගතිය පිළිබඳ පැහැදිළි කළා. 2022 පැවති තත්ත්වයට වඩා අද අප බඩු මිල අඩු කර ජනතාවගේ ජීවන බර අඩු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කර තිබෙනවා. අඩුආදායම්ලාභී ජනතාවට අස්වැසුම ලබා දුන්නා. තවත් ලක්ෂ 05කට අස්වැසුම ලබා දීමට තිබෙනවා. ඒ අනුව මෙතෙක් නොලැබුණු පිරිසටද එම ප්‍රතිලාභය හිමි වෙනවා.

    විශේෂයෙන් අපේ ඉදිරි සැලසුම් කිහිපයක් පිළිබඳවත් මෙම මෙහිදී සඳහන් කළයුතුයි. මට අරමුණු 05ක් තිබෙනවා. ඒ ජීවන බර තවත් සැහැලු කිරීම, රැකියා ලබාදීම, බදු බර අඩු කර දරාගත හැකි බදු ක්‍රමයක් ඇති කිරීම, ආර්ථික ප්‍රවර්ධනය කර අපනයන ආර්ථිකයක් ඇති කිරීම, උරුමය සහ අස්වැසුම වැඩසටහන් ආරක්ෂා කර සුදුසු සියලුදෙනාට ඒවා ලබාදීමයි. අප ඒ කටයුතු සිදු කරනවා.

    මගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රතිපත්ති ප්‍රකාශනයකට වඩා සැප්තැම්බර් 22 වනදා සිට ක්‍රියාත්මක කළ හැකි කඩිනම් හා ප්‍රයෝගික වැඩසටහනක් බව කිව යුතුයි. 2022 වසරට වඩා අද ජීවන බර අඩු වී තිබෙනවා. නමුත් මම එතනින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ජනතාවගේ ජීවන බර අඩු කළ යුතුයි. බඩු මිල අඩු කළ යුතුයි. අපේ පරමාර්ථය එයයි.

    අනෙක් පක්ෂද බඩු මිල අඩු කරන බව කියනවා. නමුත් අප එය සිදු කරන්නේ රුපියල ශක්තිමත් කිරීම හරහායි. රුපියල ශක්තිමත් වීමත් සමඟ බඩු මිල අඩු කර ජනතාවට සහන ලබාදීමට හැකි වෙනවා. අපි සමෘද්ධිය වෙනුවට අස්වැසුම ඇති කළා. එය සිදු කළේ සමෘද්ධි වැඩසටහන නැති කරන්න නොවෙයි. අපි එය රැකගෙන ආවේ සමෘද්ධි වැඩසටහන, අස්වැසුම හා සම්බන්ධ කරමින් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමටයි. ඒ නිසා සමෘද්ධි නිලධාරින්ට ගැටළුවකින් තොරව මෙම වැඩකටයුතු සමඟ ඉදිරියට යා හැකියි. අප ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කර දෙනවා. අප මේ වන විට ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කරගෙන තිබෙනවා. නමුත් සජිත් හා අනුර කියනවා බදු අඩු කරනවා කියලා. බදු අඩු කර ජනතාවට සහන ලබා දෙන්න බැහැ. සෑම වසරකම යම් කිසි ඉලක්කයක් අනුව ආදායම් ඉහළ නංවා ගැනීමට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක වී තිබෙනවා. රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් අප එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.
    ඒ නිසා අපි සහන ලබාදෙන්නේ මේ රටේ ජනතාවගේ නිෂ්පාදනය වැඩි කිරීම හරහායි.

    වතුකරයේ ජනතාව වෙසෙන ලයින් කාමර ගම්මාන බවට පත් කර ඉඩම් ලබාදීමේ වැඩසටහන අප ආරම්භ කර තිබෙනවා.
    එදා පොරොන්දු වූ අයුරින් අපි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කර දුන්නා. ඒ වගේ ඉතිරි වැඩකොටසත් අප ඉටු කරනවා.

    වෙන එක් අපේක්ෂකයෙක්වත් තරුණ තරුණියන්ට රැකියා ලබාදීම ගැන කථා කර නැහැ. නමුත් ආදායම් වැඩිවීමත් සමග රජය නව රුකියා අදායාම් මාර්ග ලක්ෂයක් ඉදිරියේ දී නිර්මාණය කර දීමට කටුයුතු කරනවා. ඒ වගේම තමන් කැමති වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට තවත් 50,000කට අපි මුදල් ලබාදෙනවා. එසේම ලබන වසරේ තවත් නව රැකියා අවස්ථා ගණනාවක් නිර්මාණය වන බව සඳහන් කළයුතුයි.

    කෘෂිකර්මය නවිකරණය, රැකියා ඇති කිරීම හ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අප වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. බණ්ඩාරවෙල එළවළු එකතු කරන මධ්‍යස්ථානයක් නිසා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ මේ පළාතට විශාල ශීතාගාරයක් ලබාදීමට අප කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

    මම අද මෙතන කථා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ, පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සියලුදෙනා වෙනුවෙන්. නමුත් ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග යන මහත්වරුන්ගෙන් පසු පක්ෂය භාරගත් නායකයා ලෙස මම එක්සත් ජාතික පාක්ෂිකයන්ට යමක් කියන්න කැමතියි. මම බණ්ඩාරවෙල ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ මෙහි ක්‍රියාකාරිත්වය අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. එදා මෙහි පැවති රැස්වීමකදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වා මට ආර්ථිකය භාරදෙන්න මම හදලා ගන්නම් කියලා. ඉන් පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ මම කාර්මාන්ත වැඩසටහන ගෙන ආ අවස්ථාවේ එතුමා ඇගළුම් කර්මාන්ත ශාලා 200 ආරම්භ කිරීම භාර ගත්තා.
    අනිත් කර්මාන්ත ශාලා 300 ඇති කිරීවේ වගකීම මට භාර දුන්නා. නමුත් ්‍රඑතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ මමයි එතුමාව ආරක්ෂා කළේ. මම හැමදාම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර දුන්නා.
    අප ආරක්ෂා කළ එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස කඩා දැමුවා. අපි එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස යළිත් වැඩ කළ යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහතා වගේ මමත් ආරථිකය භාරගෙන වසර දෙකකින් එය ගොඩගත්තා. එයයි එක්සත් ජාතික පක්ෂයේ සිරිත. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය විදියට අපි එක් වෙමු. ආපහු යන්න එපා. සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂය දියුණු කරන්න බැහැ.
    ඔහු තුළ රට දියුණු කිරීමට ප්‍රතිපත්තියක් නැහැ. ඔහුට හරියට ආර්ථිකය ගැන කතා කරන්නවත් බැහැ. ඒ ගැන අහන්නේ හර්ෂ ද සිල්වාගෙන් හා කබීර් හෂීම්ගෙන්. ඒ දෙන්නට අත්පුඩි ගැසු විට නාලක ගොඩහේවාට එන්න කියනවා. මෙහෙම නායකයෙකුට රටක් භාර දෙන්න පුළුවන්ද, ඒ පක්ෂය සම්පූර්ණයෙන් වැටිලයි තියෙන්නේ. එහි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නැහැ. තමන් රටට ආදරය කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් නම් මෙම සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට කතිරය ගසා මට සහාය ලබාදෙන ලෙස මම සියලුදෙනාට කියනවා.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img