Home උණුසුම් පුවත් මැතිඇමතිලාට ගිනිඅවි 2ක් -මන්ත්‍රීකම නැතිවුණත් තියාගන්න පුළුවන්

මැතිඇමතිලාට ගිනිඅවි 2ක් -මන්ත්‍රීකම නැතිවුණත් තියාගන්න පුළුවන්

මැතිඇමතිලාට ගිනිඅවි 2ක් -මන්ත්‍රීකම නැතිවුණත් තියාගන්න පුළුවන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසුවද අයිති කරගැනීමට හැකිවන ආකාරයට, මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. “අපි දන්නවා පසුගිය අරගලය තුළ සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩත්වය ලංකා ඉතිහාසයේ ඉතාම දරුණු කළු පැල්ලමක් බවට පරිවර්ථනය වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව වධ හිංසා කරලා සමූහ ලෙස එකතුවෙලා ඝාතනය කරලා, ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෝ 72කගේ ගෙවල් පැය 12ක් ඇතුළත ගිනි තියලා… ඊට පසු පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් ගිනිබත් කරලා විනාශ කරලා අරාජික තත්ත්වයක් ඇතිවීමේ මහා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේ සිද්ධියට මීට වඩා දරුණු ලෙස බංග්ලාදේශයේ ක්‍රියාත්මකවීමෙන් මන්ත්‍රීවරු 26ක් මරා දැම්මා. දැන් එවැනි තත්ත්වයක් ඇති නොවෙයි කියලා විශ්වාසයක් නෑ. මොකද ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රජය තීරණයක් අරගෙන තියෙනවා මන්ත්‍රී ධූරය අහිමිවීමෙන් පසු අයිති කරගන්න පුළුවන් විදියට මුදලට ගිනිඅවි දෙකක් ලබා ගැනීමේ අයිතිය දෙන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here