Home උණුසුම් පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් පුරප්පාඩුයි -මැක‍ොට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් පුරප්පාඩුයි -මැක‍ොට දන්වයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් පුරප්පාඩුයි -මැක‍ොට දන්වයි

නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

ඒ රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය 2024 අගෝස්තු මස 21 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර ඇත.

අවසන් වරට පැවැති මහමැතිවරණයේදී ලබාගත් මනාප ප්‍රතිඵලවලට අනුව මීළඟට සිටින්නේ කරු පරණවිතාන මහතා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here