කොළඹ වරායට නුදුරු මුහුදේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාව අයත් යාත්‍රා මෙහෙයුම් සමාගම වන එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් හි ප්‍රධාන විධායක නිලධාරි ෂ්මුවෙල් ජොකොවිට්ස් ඊයේ (ජුනි 3) මෙම ව්‍යසනය නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපායන් සහ පරිසරය කෙරෙහි ඇති කළ බලපෑම පිළිබඳව දැඩි කනගාටුව මෙන්ම සමාව අයැද තිබේ.
“මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවනෝපායට හා පරිසරයට සිදුවී ඇති හානිය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවගෙන් මාගේ කණගාටුව හා සමාව අයැදීමට කැමැත්තෙමි,” ජොකොවිට්ස් මහතා පැවසීය.
සිංගප්පූරුවේ ලියාපදිංචි මෙම ගිලි ගීය නෞකාවෙන් තෙල් කාන්දු වීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් එය වැළැක්වීම වෙනුවෙන් මේවනවිට ශ්‍රී ලංකාව වෙහෙසකර වෑයමක නිරත වෙයි.
එක්ස්-ප්‍රෙස් පර්ල් බහාලුම් නෞකාව නයිට්‍රික් අම්ලය ටොන් 25 ක් ද ඇතුළුව බහාලුම් 1,486 ක් ප්‍රවාහනය කරමින් සිටියදී මැයි 20 වන දින ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගින්නක් ඇතිවිය. අඟහරුවාදා ගින්න නිවා දැමීමට පෙර එය දින 13 ක් තිස්සේ පිළිස්සෙමින් තිබුණි.
සීඑන්ඒ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යාත්‍රා මෙහෙයුම්කරු එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් හි ප්‍රධාන විධායක නිලධාරි ෂ්මුවෙල් ජොකොවිට්ස් කියා සිටියේ මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා තම සමාගම ජාත්‍යන්තර ටැංකි හිමිකරුවන්ගේ දූෂණ සම්මේලනය වැනි පාරිසරික විශේෂඥයින් බඳවාගත් බවයි.
ඔවුන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සම්බන්ධ වීමට හා වැඩ කිරීමට පටන් ගෙන ඇති අතර වෙරළ පිරිසිදු කිරීම සඳහා බර උපකරණ කිහිපයක් ද ලබා දී ඇත.
ඔහු පැවසුවේ බහාලුම් නෞකාවේ පසුපස කොටස ගිලී ඇති බවත් “දැන් මීටර් 21 ක් පමණ ගැඹුරට (මුහුදේ) මුහුදේ තබා ඇති” බවත්ය. නැවේ ඉදිරි කොටස ද “සෙමින් ගිලෙමින් පවතී”. යනුවෙන් ඔහු පැවැසීය.
“සැබෑ තත්වය තක්සේරු කිරීම සඳහා, මුහුදු වෙරළට සුන්බුන් සියල්ල එන තෙක් අපි බලා සිටිය යුතු අතර ඇත්ත වශයෙන්ම කළ හැකි දේ කුමක්දැයි එවිට දැක ගත යුතුය,” ඔහු පැවසීය.
“දැනට ගැලවුම් කණ්ඩායම් කරන්නේ සුන්බුන් අධීක්ෂණය කරමින් සිටින අතර ඕනෑම සුන්බුන් එමගින් තෙල් කාන්දු වීම ඉක්මනින් හඳුනාගෙන ඒ අනුව කියාත්මක විය හැකිය.”
ඊයේ සවස 5 වන විටත් “තෙල් කාන්දුවක් ගැන අනාවරණය වී නැත” යනුවෙන් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව එහි දරුණුතම සාගර පාරිසරික ව්‍යසනයට මුහුණ දී සිටී. නැවේ බහාලුම් වලින් මිලියන ගණනක් ප්ලාස්ටික් පෙති රටේ වෙරළ සහ ධීවර ජලය අපවිත්‍ර කර ඇති අතර, ධීවර කටයුතු සඳහා දින නියමයක් නොමැති තහනමක් සහ දහස් ගණනක් සොල්දාදුවන් සම්බන්ධ වී ඉතා වෙහෙස වී වෙරලට ගසාගෙන එන සුන්බුන් හා ටොන් ගණන් ප්ලාස්ටික් කැට පිරිසිදු කරමින් සිටී.
මෙම ව්‍යසනයට වන්දි ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය පවසා තිබේ.
එය කොපමණ ප්‍රමාණයක් විය හැකිදැයි ඇසූ විට ජොකොවිට්ස් මහතා මෙසේ පැවසීය: “මෙය දැන් තක්සේරු කර ඇත, නමුත් මෙය දිගු ක්‍රියාවලියක් වනු ඇති බව අප මතක තබා ගත යුතුය … පළමුව, මෙම සිදුවීම අවසන් වන්නේ කවදාදැයි බැලීමට සහ පසුව සම්පූර්ණ හානිය තක්සේරු කිරීම කළ යුතුය. ”
මේ මොහොතේ කිසියම් පිරිවැයක් හෝ හානියක් තක්සේරු කිරීම “ඉතා දුෂ්කර” බව ඔහු පැවසීය.
“ අපි පූර්ණ ලෙස රක්ෂණය කර තිබෙනවා. එක්ස්-ප්‍රෙස් සඳහා සෘජු මූල්‍යමය බර ඉතා සීමිත වනු ඇත. අපි මතක තබා ගත යුතුයි අපි අත්සන් කර මුද්‍රා තබා ඇති බහාලුම් පටවනවා මිසක අපි ඒවා විවෘත කරන්නේ නැහැ. අපගේ නැව්කරුවන්ගේ බහාලුම් නිවැරදිව ඇසුරුම් කර ඇති බවත් ඒවා නිවැරදිව ප්‍රකාශ කිරීම් මත සහ ඔවුන්ගේ වෘත්තීයභාවය මතයි අපි රඳා සිටින්නේ”