Home උණුසුම් පුවත් ගංවතුර අවදානම ඉහළ යයි -ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්

ගංවතුර අවදානම ඉහළ යයි -ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්

ගංවතුර අවදානම ඉහළ යයි -ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
file photo

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ගංවතුර අවදානමක් මතුව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය අද නැවත වර්ධනය වන බවටද එහි අනතුරු අඟවා තිබේ.

අද උදෑසන 09 වන විට ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා ද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here