Home උණුසුම් පුවත් යුක්තියට වැඩකරන්න ගිහින් කසිප්පුකාරයකුගෙන් අල්ලසක් අරන්

යුක්තියට වැඩකරන්න ගිහින් කසිප්පුකාරයකුගෙන් අල්ලසක් අරන්

0
යුක්තියට වැඩකරන්න ගිහින් කසිප්පුකාරයකුගෙන් අල්ලසක් අරන්

කසිප්පු ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 6,000ක අල්ලසක් ලබාගත් යුක්තිය මෙහෙයුමට සම්බන්ධව සිටින බෙන්තර පොලීසියේ උප පොලිස් පරීක්ෂකයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙක් කොස්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

උප පොලිස් පරීක්ෂකවරයාත් පොලිස් සැරයන්වරයෙකුත් කොස්තාපල් රියදුරෙකුත් පොලීසියේ ත්‍රීරෝද රථයකින් කොස්ගොඩ ගෝනගල පදිංචි නීති විරෝධි මත්පැන් ජාවාරම්කරුවෙකුගේ නිවසකට ගොස් කසිප්පු නඩුවක් නොදා සිටීමට රුපියල් 6,000ක මුදල ඊයේ දහවල් ලබාගෙන තිබෙන පොලිස් තොරතුරු සඳහන් කළේය.

කසිප්පු ජාවාරම්කරු ඒ සිදුවීම සිය ජංගම දුරකථනයේ වීඩියෝගතකර එය ප්‍රදේශයේ පොලිස් අධිකාරීවරයාට යොමුකර පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

පොලිස් අධිකාරීවරයාගේ උපදෙසින් කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් පවත්වා සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් ලෙස ලබාගත් මුදල්ද සමඟ කොස්ගොඩ තුඩුවවේල්ල අසලදි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here