Home උණුසුම් පුවත් මහින්ද ආදි ශිෂ්‍යනායක මහා සභා රැස්වීම 17දා

මහින්ද ආදි ශිෂ්‍යනායක මහා සභා රැස්වීම 17දා

මහින්ද ආදි ශිෂ්‍යනායක මහා සභා රැස්වීම 17දා

ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නායක සංගමයේ මහා සභා රැස්වීම සහ සුහඳ හමුව 17 වැනි සෙනසුරාදා සවස 6ට රූමස්සල මවුන්ට් රිච් හෝටලයේ දී පැවැත්වෙයි.

මෙදින විශේෂ ආරාධිත දේශනය ආදි ශිෂ්‍යනායක සංගමයේ අනුශාසකවරයකු ද වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් පවත්වනු ලබයි.

මහින්ද විද්‍යාලයේ බොහෝ කලක් සේවය කළ නියෝජ්‍ය විදුහල්පති පී.කේ ගිල්බට් මහතා සහ වසන්තා ලියනගේ ගුරුතුමිය මෙහි දී සම්භාවනාවට පත් වේ.

විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතා, ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරුන් සහ වත්මන් අධි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායකයෝ මෙන්ම ආදි ශිෂ්‍ය නායකයෝ රැසක් මෙම අවස්ථාවට එක්වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here