fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මේ සැරේ තවත් දිගයි -ඡන්ද කොළේ මුද්‍රණයට

    මේ සැරේ තවත් දිගයි -ඡන්ද කොළේ මුද්‍රණයට

    spot_img

    මෙවර ජනාධිපතිවරණ සඳහා යොදාගන්නා ඡන්ද පත්‍රිකාව අද(16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට බාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, එය සකස් කිරීමේ කටයුතු සිදුවන බවයි.

    මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව 39 කි.

    ඒ අනුව 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකාවට වඩා මෙවර ඡන්ද පත්‍රිකාව තරමක් දිගු වන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

    එහි ප්‍රමාණය සහ ඒ සඳහා යන වියදම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    Photo -File photo

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img