Home උණුසුම් පුවත් රනිල් ජනපති කරන සම්මුතියට පක්ෂ -සංවිධාන 34ක් එක්වෙයි

රනිල් ජනපති කරන සම්මුතියට පක්ෂ -සංවිධාන 34ක් එක්වෙයි

රනිල් ජනපති කරන සම්මුතියට පක්ෂ -සංවිධාන 34ක් එක්වෙයි

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ සහ සන්ධාන තිස් හතරක් (34) අත්සන් තබා තිබේ.

අද බත්තරමුල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයකදී සම්මුතියට අත්සන් තැබීම සිදු විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම්. ෆවුසි මහත්වරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩර් ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් ව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here