Home COVID සුළගෙන් බෝවන වියට්නාම කොවිඩ් වෛරසය අලුත් ප්‍රභේදයක් නෙවෙයි – WHO කියයි

සුළගෙන් බෝවන වියට්නාම කොවිඩ් වෛරසය අලුත් ප්‍රභේදයක් නෙවෙයි – WHO කියයි

සුළගෙන් බෝවන වියට්නාම කොවිඩ් වෛරසය අලුත් ප්‍රභේදයක් නෙවෙයි – WHO කියයි

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය මත පදනම්ව මේ වන විට වියට්නාමයේ නව දෙමුහුන් ප්‍රභේදයක් නොමැත” යැයි වියට්නාමයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත කිඩොං පාර්ක් පවසයි.

වියට්නාමයෙන් හමුවූ බිහිසුණු කොරොන වයිරසය ඉන්දියාවෙන් හමුවූ කොවිඩ් වෛරසයේ විකෘතියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරති.

ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙය කොරෝනා ‘නව ප්‍රභේදයක්’ යන නිර්වචනය සපුරාලන්නේ නැති නමුත් එය තවමත් පහසුවෙන් සම්ප්‍රේෂණය කළ හැකි සහ භයානක එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ඩෙල්ටා ලෙස හඳුන්වන B.1.617.2 ප්‍රභේදය පිළිබද මෙම ප්‍රකාශය කර තිබේ.

ජානමය අනුක්‍රමණය භාවිතා කරමින් බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ මීට පෙර අනාවරණය කරගත් ප්‍රභේදවල ලක්ෂණ ඒකාබද්ධ කරන ඉහළ බෝවෙන නව ප්‍රභේදයක් සොයාගෙන ඇති බව වියට්නාමය මීට පෙර පවසා තිබුණි.

සෞඛ්‍ය අමාත්‍ය ගුයීන් තන් ලෝන්ග් පැවසුවේ නව ප්‍රභේදය විශේෂයෙන් වාතය හරහා බෝවන බවයි. වෛරසයේ ස්වභාවය හෙළි කළේ එය ඉතා ඉක්මණින් ප්‍රතිනිර්මාණය වන සුළු එකක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here