Home උණුසුම් පුවත් අවට මුහුදේ PH මට්ටම් වෙනස් වී නෑ – මුහුදු පත්ලේ පර්යේෂණ ඇරඹේ

අවට මුහුදේ PH මට්ටම් වෙනස් වී නෑ – මුහුදු පත්ලේ පර්යේෂණ ඇරඹේ

අවට මුහුදේ PH මට්ටම් වෙනස් වී නෑ – මුහුදු පත්ලේ පර්යේෂණ ඇරඹේ

එක්ස්ප්‍රෙස් පර්ල් නැව ගිනිගැනීම හා මුහුදුබත් වීමේ බලපෑමෙන් සාගර සහ මීගමුව කලපුවේ පීඑච් මට්ටමේ කිසිදු වෙනසක් සිදු නොවූ බව මූලික වාර්තා සොයාගෙන ඇතැයි රට පුරා සමුද්‍ර සම්පත් හා වෙරළ තීරය පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂණ පවත්වන නාරා සමුද්‍ර පර්යේෂණ ආයතතනය පවසයි.

එම ආයතනය උපුටා දක්වමින් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේ්සේකර මහතා පවසන්නේ මුහුදු පත්ලේ විශේෂ කරුණු පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එක්ස්ප්‍රෙස්පර්ල් වෙතින් තෙල් කාන්දුවක් ඇත්නම් සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් උපාය මාර්ගික සැලැස්මක් සකස් කර ඇති බව ද හෙතෙම කීය.

යාත්‍රා සහ අනුමාන කෙරෙන ස්ථාන වටා බූම්ස් සහ ස්කිමර් භාවිතා කරන අතර තෙල් විසුරුවා හැරීමට ඉසින භාවිතයෙන් පූර්ණ වෙරළ පිරිසිදු කිරීම සඳහා හදිසි සැලසුම් ද ඇති බව ඔහු කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here