තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැට උඩ සිටි පවිත්‍රා තීරණයක් ගනී

    වැට උඩ සිටි පවිත්‍රා තීරණයක් ගනී

    වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය සහ වාරිමාර්ග අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහය දීමට තීරණය කර තිබේ.

    ඇය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ දිනයේදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා ලෙස ජනපති සටනට නිල වශයෙන් නම් කළ පසුබිමක දී ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අතර ඉදිරි ජනාධිපතිවරණයට ඔහු තරග කරනුයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි.

    මේ වනවිටත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් ගණනාවක් රනිල් වික්‍ර්‍රමසිංහ මහතාට සහය ලබාදෙන බවට පොරොන්දු වී සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img