Home උණුසුම් පුවත් SIගේ නිල ඇඳුම බසයේදී උස්සලා

SIගේ නිල ඇඳුම බසයේදී උස්සලා

0
SIගේ නිල ඇඳුම බසයේදී උස්සලා

යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ පොලිස් නිල ඇදුම සහිත ගමන් මල්ල මගී බස් රථයක් තුළදී සොරාගෙන ගොස් ඇත.

අම්බලන්ගොඩ පදිංචිකරුවෙක් වන එම උප පොලිස් පරීක්ෂකවරයා සිය නිල ඇදුම සොරාගැනීම ගැන පැමිණිලිකර ඇත්තේ අම්බලන්ගොඩ පොලීසියටය.

උසාවි කටයුතු සඳහා පෙනී සිටීමට යාපනයේ සිට පැමිණෙන අතර නිල ඇදුම සහිත ගමන් මල්ල අස්ථානගතව ඇති බව උප පොලිස් පරීක්ෂකවවරයා පැමිණිලිකරමින් පොලීසියට සඳහන්කර ඇත.

මෙම සොරකම පසුගිය 03 වෙනිදා සිදුව ඇති බව කියයි. මෙසේ සොරාගෙන ඇත්තේ බූෂ් කෝට් එක සහිත සම්පූර්ණ නිල ඇදුම බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here