බලංගොඩ පැත්තේ සංචාරයකට පැමිණ සමනලවැව ජලාශයේ ඇති ජල කාන්දුවෙන් පිටවන ජලය ගලාබසින ඇල මාර්ගයේ දිය නාමින් සිටි තරුණයකු දියේ ගිලී ඊයේ සවස මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව කොලින්ජාඩිය ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අවුරුදු 29ක් වන කමල් ප්රසංග නැමැති තරුණයාය.
ගොඩකවෙල පදිංචි සිය හිතවතුන් පිරිසක් සමඟ ඔහු සමනලවැවට පැමිණ ඇති බව පොලීසිය කියයි.