තරග තුනකින් සමන්විත ඉන්දු-ලංකා එක්දින තරග මාලාවේ අද(02) පැවති තරගය දෙපිළම සම ලකුණු ලැබු තරගයක් ලෙස නිමාවට පත්විය.
ආර්.ප්‍රේමදාස පිටියේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.
පසුගිය ලෝක කුසලාන තරගාවලිය හෝ ඉන්දියාව සමඟ පැවති විස්සයි 20 තරගාවලියේ දී අවස්ථාවක් නොලද දුනිත් වෙල්ලාලගේ පන්දු හැට පහකදී නොදැවී ලකුණු 67ක් ලබා ගැනීම විශේෂත්වයකි.
ජයග්‍රහණය හඹාගිය ඉන්දියාව මෙම තරගය පහසුවෙන් ජයගනු ඇතැයි උපකල්පනය කළ ද පන්දු යැවීමෙන් දස්කම් පෑ වනිදු හසරංග සහ චරිත් අසලංකගේ සාර්ථකත්වය හේතුවෙන් ඉන්දියාවේ ජයග්‍රහණය ගිලිහී ගියේය.
අද ශ්‍රී ලංකා වරම් උදා කරගත් මොහොමඩ් ශිරාස්ට පන්දු යැවීමේ දී එකඳු කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය.
හතලිස් අටවන පන්දුවාරය වනවිට කඩුලු 8ට ලකුණු 230ක් ලබා සිටි ඉන්දියානු කණ්ඩායමේ අවසන් කඩුලු දෙක පිට පිට පන්දු දෙකක දී හිමි කර ගැනීමට නායක චරිත් අසලංක සමත්විය.
ඒ අනුව ඉන්දිය ඉනිම පන්දුවාර 47.5කට සීමා විය. එක්දින තරග 149ක් පවත්වා තිබෙන ආර්.ප්‍රේමදාස පිටියේ සම තත්ත්වයෙන් නිමාව දුටු පළමු තරගය ලෙස ද මෙම තරගය ඉතිහාසයට එක්වෙයි.
නොදැවී ලකුණු 67ක් හා කඩුලු දෙකක් දවාගත් දුනිත් වෙල්ලාලගේ ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
ශ්‍රී ලංකාව 230/08 (50)
ඉන්දියාව 230/10 (47.5)