තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි පැය 6 තුළ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

    ඉදිරි පැය 6 තුළ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

    ඉදිරි පැය 06 ක කාලය තුළ අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ හා ජා ඇල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය හා උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම නිසා මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.

    පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ගංවතුර අවදානම මතුවී තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.

    ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙසේය.

    “අත්තනගලු ඔය ද්‍රෝණියේ මධ්‍යම ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට සාමාන්‍ය වශයෙන්‌ මි.මී.150 කට අධික වර්ෂාපතනයක්‌ ලැබී ඇත. එම වර්ෂා තත්ත්වය සහ චාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින්‌ අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම්‌ , විශ්ලේෂණය අනුව ඉදිරි පැය 06 ක කාලය තුළ අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශවලට අයත්‌ අත්තනගලු ඔය සහ උරුවල්‌ ඔය නිම්න වල පහන්බිම්‌ ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක්‌ (සුඵ ගංවතුර තත්ත්වයක්‌) ඇතිවිය හැකි බවට අනතුරු අභවනු ලැබේ.

    මේ තත්ත්වය සම්බන්ධයෙන්‌ දැඩි සැලකිල්ලකින්‌ කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්‌ සහ ප්‍රදේශ හරහා ගමන්‌ ගන්නා වාහන පදවන්නන්ගෙන්‌ ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන්‌ අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින්‌ ඉල්ලා සිටිනු ලැබේ. “

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img