Home උණුසුම් පුවත් පොලිසියේ වැඩ අඩාළ වූ ප්‍රශ්නය විසඳයි

පොලිසියේ වැඩ අඩාළ වූ ප්‍රශ්නය විසඳයි

0
පොලිසියේ වැඩ අඩාළ වූ ප්‍රශ්නය විසඳයි

පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරේ වැඩබැලීමට මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතාව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාව අද රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

නිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ධූරය පුරප්පාඩු වූ අතර ඒත් සමගම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරය දැරීම අධිකරණය විසින් අත්හිටුවීමත් සමඟ පොලීසියේ පරිපාලන කටයුතු බරපතල ලෙස ගැටළු කාරීතත්වයකට පත්විය.

මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකල ජාතික පොලිස් කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන්ද උපසේ ලබාගෙන මෙම පත්කිරීම සිදුකර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාව නැවත දැනුම්දෙන තුරු ලලිත් පතිනායක මහතා මෙම තනතුරේ වැඩ බලනු ඇති බව තතුදත් තොරතුරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here