2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ජූලි 29 වැනිදා ඉල්ලා අස්වූ අතර මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජූලි 25 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි.