ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ පැවැත්වීම සඳහා රාජ්‍ය නිළධාරින් වෙත නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ මාලාව හෙට (2) දිනය වන විට නිකුත් කරන බව මානව හිමිකම් කොමිසම පවසයි.
එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල දහයෙහි නිළධාරින් මේ වන විට දැනුවත් කර ඇති බවයි.