තවත්
    මුල් පිටුවක්‍රීඩාචමරි ඇතුළු කණ්ඩායම ලංකාවට ආසියානු කිරුළ පළඳවයි

    චමරි ඇතුළු කණ්ඩායම ලංකාවට ආසියානු කිරුළ පළඳවයි

    2024 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි 20 ආසියානු ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය වේ.

    කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු එකසිය හැටපහක් ලබා ගත්තේය.

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු 18.4 ක දී කඩුලු දෙකක් දැවී ජයග්‍රහණය ලබා ගත්තේය. චමරි අතපත්තු ලකුණු හැට එකයි. හර්ෂිතා සමරවික්‍රම නොදවී ලකුණු 69යි.

    තරගයේ වීරයා සම්මානය හර්ෂිතා සමරවික්‍රම ට හිමි වූවාය.

    ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කළ තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව මෙම තරගය නැරඹීමට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණ තිබිණි.

    මීළඟ වර්ල්ඩ් කප් එක වනතුරු අප සමග රැඳී සිටින්න කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

    ඉන්දියාව 165/7 (20)
    ශ්‍රීලංකාව 167/2 (18.4)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img