Home දේශීය පුවත් උණුසුම් පුවත් ගිනිගත් නෞකාවෙන් සිදුවූ හානියට එරෙහිව කාදිනල් හිමියෝ නායකත්වය ගනිති

ගිනිගත් නෞකාවෙන් සිදුවූ හානියට එරෙහිව කාදිනල් හිමියෝ නායකත්වය ගනිති

ගිනිගත් නෞකාවෙන් සිදුවූ හානියට එරෙහිව කාදිනල් හිමියෝ නායකත්වය ගනිති

මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ධීවර ජනතාවට වූ හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නායකත්වය දීමට තමා සූදානම් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (02) සදහන් කළහ.

“දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදුවෙලා තියෙනවා මේ නැවෙන්. මේ වරාය භාර ඇමතිතුමා සහ එතුමාගේ ඒ මණ්ඩලය මේ පිළිබඳව හරිආකාර පිළිතුරක් අපිට දීලා නෑ. මේ නැව එනකොට මේ නැව ගිනි ගනිමින් තිබුණා කියලා දවස් ගණනාවකට පස්සේ අපි පත්තරවල දැක්කා පින්තූර නැව තුළින් යම් ධූමාරයක් එනවා. ඒ වෙලාවේවත් මුකුත් කළේ නෑ. මේ නැව ගැඹුරු මුහුදට අරන් යන්න. මේ නැව ප්‍රතික්ෂේප කරන්න. දැන් මුහුදු වෙරළ ඔක්කෝම විනාශ කරලා, මත්ස්‍ය සම්පත ඔක්කෝම විනාශ වුණාට පස්සේ දැන් සුදු ළූණු පොඩි කරන්න එනවා. ඒ නැවේ තියෙන තෙල් සේරම කාන්දුවෙලා මුළු මුහුදු වෙරළයි රස්සාවයි ඔක්කෝම නැතුව යනවා අපේ ධීවර ජනතාවට. ඒකට අපිට ඉඩදෙන්න බෑ. ඒක නිසා අපි දැන් ධීවර සංවිධානවලින් ඉල්ලා සිටිනවා ඔක්කෝමල්ලා එකතුවෙලා මේ කොම්පැනියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න. ඒ පිළිබඳව නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ රටේ බොරු ගේම් ගෙනියන්න අපිට ඉඩදෙන්න බෑ. මේ කොවිඩ් එකට විරුද්ධව එන්නතක් ගෙන්න ගන්න තරම්වත් සල්ලි නෑ. අපි හිඟාකන තත්ත්වයට වැටිලා. මම යෝජනා කරන්නනේ මේ නැව ගිලෙන්න නොදී පුළුවන් තරම් ගැඹුරු මුහුදට ගෙනියන්න පුළුවන් තරම් උත්සහ කළ යුතුයි. එහෙම නැත්නම් නැවේ ඉන්ධන සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතුය.“ යැයි කාදිනල් හිමියෝ වැඩිදුරටත් සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here