Home COVID ගැබිනි මවුන්ටත් කොවිඩ් එන්නත දෙන්න රජය තීරණය කරයි

ගැබිනි මවුන්ටත් කොවිඩ් එන්නත දෙන්න රජය තීරණය කරයි

ගැබිනි මවුන්ටත් කොවිඩ් එන්නත දෙන්න රජය තීරණය කරයි

ගැබිණි මවුවරුන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීමට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේය.

ඇය මේ බව සදහන් කළේ අද දින (02) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙම සතිය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැබිණි මවුවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පවත්වන බවත්, ගැබිණි මවුවරුන් කොවිඩ් රෝගයෙන් ආසාදනය වැළැක්වීම සදහා විශේෂ වැඩසටහන් මෙම සතිය පුරා ක්‍රියාත්මක වන බව සහ ඒ පිළිබදව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ද දැනුවත් කර ඇති බව ඇය පැවසුවාය.

ගර්භණී මවුවරුන් මෙහිදී කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම සදහා විශේෂ කරුණු කිහිපයක් පිළිබදව අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරිය පෙන්වාදුන්නේ අත්‍යවශ්‍යම කරුණකට හැර ගැබිණි මවුවරුන් නිවසෙන් බැහැර නොයා යුතු බවයි.

අත්‍යවශ්‍යම හේතුවකට යාමට සිදුවුවහොත් නිවැරදිව මුඛ ආවරණ පැළදීම, පුද්ගලික දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම, සබන් සහ පිරිසිදු ජලයෙන් දෑත් පිරිසිදු කරගැනීම ආදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිලිපැදීම වැදගත් බවද එතුමිය පෙන්වා දුන්නාය.

ගැබිණි මවුවරුන්ට එන්නත් ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සංකූලතා සහ ගැටලු ඇති මවුවරුන්ට ප්‍රථම වටයේදී එන්නත ලබාදීමට කටයුතු කරන අතර, එන්නත ලබාගැනීමේ අපේක්සාවෙන් ගැබිණි මවුවරුන් රෝහල් කරා නොඑන ලෙසද, එන්නත ලබාගැනීමට අදාල දිනය, ස්ථානය සහ වෙලාව පණිවිඩයක් මාර්ගයෙන් මවුවරුන් වෙත ලබාදීමට කටයුතු කරන බවද මෙම ප්‍රවෘත්ති සාකච්චාවේ දී විශේෂයෙන් අවධාරණය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here