Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලෙයි

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලෙයි

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලෙයි

කොළඹ වරායට නුදුරින් මුහුදේ ගිනිගෙන නිවාදැමුණු MV X-Press Pearl නෞකාවේ පිටුපස කොටසේ ඇති වූජල කාන්දුවක් හේතුවෙන් එම නෞකාව මේ වන විට ගිලෙමින් පවතී

දැනට මෙහි තෙල් මෙට්‍රික් ටොන් 300ක් පමණ තිබෙන බව සදහන් ය.

එසේ වුවහොත් එහි බලපෑම දික්ඕවිට ප්‍රදේශයේ සිට මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශ දක්වා විහිදෙනු ඇතැයි අනුමාන කෙරේ.

නැවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් නැව් පිටුපස කොටසෙහි ස්ථායීතාවය ගිලිහී යාම නිසා හදිසි තතත්වයක් මතුවූ බවට ශ්‍රි ලංකා සමුද්‍ර දූෂන මර්දන අධිකාරිය නිවේදනය කර තිබුණි.

මීගමුව කලපුවේ සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු මුළුමනින්ම නැවත දැනුම් දෙන තෙක් නවතතා දමන ලෙස ධීවර දෙපාර්තමේන්තුව මේ වනවිට අනතුරු අගවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here