තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොස්තාපල්ගේ අමන වැඩේ ඇඟිලි සලකුණෙන් කොටුවෙයි

    කොස්තාපල්ගේ අමන වැඩේ ඇඟිලි සලකුණෙන් කොටුවෙයි

    ගණකාධිකාරීවරයෙකුට අයත් කොස්ගම ඉහළ කොස්ගම පිහිටි නිවසකට පැන රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමක් ඇති මුදල් හා දේපොල සොරා ගැනීමක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුව කොස්ගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    ගණකාධිකාරීවරයාගේ නිවසේ තිබුණු සොරාගේ ඇගිලි සලකුණකට අනුව කළ විමර්ශනයේදී මෙම කොස්තාපල් හසුවූ බවත් කොස්තාපල්වරයාගේ ඇගිලි සලකුණු සහ නිවසේ තිබුණු ඇගිලි සලකුණු සමාන වූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කොස්තාපල්වරයා පදිංචිව සිටින්නේ ගණකාධිකාරීවරයාගේ නිවස ආසන්නයේ බවත් එදා සොරකම සිදුවූ දින කොස්තාපල්වරයා එම නිවස අවට සැරිසරා ඇති බව ඇතුළු සැකකටයුතු තොරතුරු රැසක් සම්බන්ධයෙන් ලද තොරතුරුවලට අනුව කොස්තාපල්වරයාගේ ඇගිලි සලකුණු පරීක්ෂාවට ලක්කල බවද එම නිලධාරියා කීය.

    මෙම සොරකම සිදුව තිබුණේ පසුගිය අප්‍රේල් 27 වෙනිදා රාත්‍රී කාලයේදීය. පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (06) සවස් කාලයේදීය.

    නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී රුපියල් 587,000 මුදලක් සමග පවුම් දෙකක් බර වළලු 02ක්, රූපවාහිනී යන්ත්‍රයක් සොරාගෙන ගොස් තිබුණු බව පොලීසිය කියයි. සොරාගත් මුදල්ද සමඟ මුළු දේපොලවල වටිනාකම රුපියල් 957,000ක් වන බව පොලීසිය සඳහන් කරයි.

    දීර්ඝ කාලයක් තිස්සේ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවටගත් මෙම සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර පැය 48ක් රදවාගෙන ප්‍රශ්න නකිරීම සඳහා රැදවුම් නියෝගයක්ද ලබාගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img