fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ජනපති හෙළිකළ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ ප්‍රශ්න ගොඩක් තියෙනවා"

    “ජනපති හෙළිකළ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ ප්‍රශ්න ගොඩක් තියෙනවා”

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ(IMF) වැඩසටහන හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් ගැන කරුණු කිහිපයක් හෙළිදරව් වූ බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය තුළ රටට සෙතක් සැලසෙනවා නම් එයට සහයෝගය දෙන නමුත් අදාළ කරුණු කාරණා ගැන ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    2028 වන තුරු ණය ගෙවීමේ විරාමයක් ඇති බවත් 2028 සිට ගෙවීම් සිදු කිරීමට සිදුවන බවත් එය හොඳ දෙයක් ලෙස පෙනුනත් 2023 මාර්තු මාසයේ IMF වාර්තාවේ ණය තිරසර කිරීමේ විග්‍රහයට අනුව අප නැවත ණය ගෙවිය යුත්තේ 2033 සිට බව හෙතෙම කීය.

    IMF වාර්තාවේ එසේ තිබුණත් මේ සාකච්ඡාවේ දී 2033 ඉලක්කයට යාමට නොහැකි වී ඇති බවත් දැන් 2028 සිට ගෙවීමට ගිවිසුම් ගසා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    එසේම අනෙකුත් සියලුම රටවලට සාපේක්ෂව වේගවත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නට ලැබුණේ අප රට බවට වාර්තා වේ.

    එය සම්පූර්ණ අසත්‍ය බවත් තවමත් අප රටේ ණය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාදාමය අවසන් නොමැති බවත් එය සම්පූර්ණ නොවී මෙවැනි අසත්‍ය ජනතාවට පැවසීම වැරදි බවත් අපටත් වඩා වේගයෙන් අංගසම්පූර්ණව ණය ප්‍රතිව්‍යුහගත කළ රටවල් රාශියක් ඇති බවත් හෙතෙම කියාසිටී.

    ඝානා වැනි රටක් අංගසම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් හරහා සම්පූර්ණ ණය ප්‍රමාණයෙන් 37%ක ණය කපා ගන්න හැකිව ඇති බවත් එවැනි තත්ත්වයක් මත අප රටේ පොළියේ කපා හැරීමක් නොමැති බවත් පොළිය සහ පොළිය මත පොළියත් ගෙවීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    එමෙන් ම අප රටක් ලෙස අංගසම්පූර්ණ ගිවිසුමකට පැමිණ නොමැති බවත් ජාත්‍යන්ත සෛරී බැදුම්කර හිමියන් සමඟ පවා එකඟතා නොමැති බවත් එම සාකච්ඡා ජූලි 3 වැනි දා වන තුරු පවතින බවත් අවසන් එකඟතාවට එන්න නොහැකි වුවහොත් ඔවුන් අප රටට විරුද්ධව නඩු දැමීමට පවා නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 27) කළුතර බුලත්සිංහල මදුරාවල රෙමුණ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 265 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.