Home දේශීය පුවත් දේශපාලනය කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනයට කේක් කැපූ ඒ.එස්.පී. කුළියාපිටියට

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනයට කේක් කැපූ ඒ.එස්.පී. කුළියාපිටියට

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනයට කේක් කැපූ ඒ.එස්.පී. කුළියාපිටියට

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් පොලිිස් ස්ථානය තුළ කේක් කපා සාදයක් සංවිධානය කළේ යැයි චෝදනා එල්ලවුණු සහකාර පොලිස් අධිකාරීවරයා කුළියාපිටියට මාරුකර යවා ඇත.

එම නිලධාරියාව උතුරු පළාතට මාරු කිරීමට පොලිස් මූලස්ථානය තීරණයකර තිබුණත් සානුකම්පිත හේතුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහුව කුළියාපිටියට මාරු කර යැවුණු බව පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියෙක් සදහන් කළේය.

නගරාධිපතිවරයාගේ උපන්දින සාදය සංවිධානය කිරීමට පෙර දිනයේ මෙම නිලධාරියා සිය හිතවතුන් කිහිප දෙනෙක් සමග එක්ව සංචරණ සීමා හේතුවෙන් අසරණව සිටින කුරුණෑගල නගරයේ යාචකයන්ටත් සතුන්ටත් ආහාර ලබාදීමේ පිංකමකටද සම්බන්ධව ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here