Home උණුසුම් පුවත් පෞද්ගලික බැංකු 2කට මහබැංකුවෙන් දඩ

පෞද්ගලික බැංකු 2කට මහබැංකුවෙන් දඩ

පෞද්ගලික බැංකු 2කට මහබැංකුවෙන් දඩ

සම්පත් සහ ඩීඑෆ්සීසී යන බැංකු වෙත දඩ මුදල් පැනවීමට ශ්‍රී ලංකා මහබැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය විසින් පියවර ගෙන තිබේ.

ඒ එම බැංකු මගින් පවත්වාගෙන ගිය සැකකටයුතු ගිණුම් කිහිපයක් පිළිබඳ අත්‍යාවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට මෙම බැංකු අපොහොසත් වීම හේතුවෙනි.

සම්පත් බැංකුවට රුපියල් මිලියන 2ක් සහ ඩීඑෆ්සීසී බැංකුවට රුපියල් මිලියනයක දඩ මුදලක් මෙලෙස පනවා තිබේ.

මෙලෙස එකතු කරගන්නා ලද දඩ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කෙරෙන බව මහබැංකුව පවසයි.

මෙම බැංකු වෙත දඩමුදල් පැනවීමට හේතු වූ කරුණු මහබැංකුව විසින් නිකුත් කළ සවිස්තර වාර්තාව පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/press_20240626_Administrative_Penalties_imposed_by_the_FIU_on_FIs_s.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here