Home special සඳ‍ේ ඈතින් ගත් පළමු සාම්පලය අරන් චීන යානය ඇවිත්

සඳ‍ේ ඈතින් ගත් පළමු සාම්පලය අරන් චීන යානය ඇවිත්

සඳ‍ේ ඈතින් ගත් පළමු සාම්පලය අරන් චීන යානය ඇවිත්

චීනයේ ‘චන්ග්අ 6’ අභ්‍යවකාශ යානය  යළි පෘථිවියට ළඟාවෙයි. එම යානයේ ආපසු පැමිණීමේ කොටස චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ නියමිත ප්‍රදේශයට  ගොඩබැස ඇත්තේ ඊයේ (25) පස්වරුවේ යි. චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයෙන් ලබාගත් ‍පළමු සාම්පල එම යානය මගින් රැගෙන ඒම විශේෂත්වයකි.
 
මේ අතර, ජනාධිපති ෂී ජින් පිං මහතා, චීනයේ චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ “ චන්ග් අ 6 ” මෙහෙයුම් මූලස්ථානයේ ඉංජිනේරුවරුන් ඇතුළු එම මෙහෙයුමට එක්වූ සමස්ත කාර්ය මණ්ඩලය වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

සඳේ ඈත ප්‍රදේශයෙන් සාම්පල පෘථිවියට රැගෙන ඒම, උසස් අභ්‍යවකාශ ගවේෂණ ශක්‍යතා සහිත රටක් නිර්මාණය කිරීමේ කාර්යයේ දී අත්කර ගැනුණු සන්ධිස්ථානගත ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

රටේ අභ්‍යවකාශ ගවේෂණ ව්‍යාපෘතීන් අඛණ්ඩව ඉදිරියට මෙහෙයවීම තම අපේක්ෂාව බව ද ඔහු කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here