තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සත්ව නිෂ්පාදන ආනයනයේදී වැටුණු තහනම

    සත්ව නිෂ්පාදන ආනයනයේදී වැටුණු තහනම

    කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    දැනට රටවල් කිහිපයක යළිත් හිස ඔසවා ඇති Avian Influenza හෙවත් කුරුළු උණ රෝග කාරක වෛරසය වන A(H5N1) වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම ක්‍රියාමාර්ග තවදුරටත් පැවැති පරිදිම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

    එමෙන්ම පළමුවරට ඇමරිකා එක්සත් ජනපදයේ ගවයින් ආශ්‍රිතව ද ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදී ඇති බවට වාර්තා වී ඇති බව ද එය දරුණු තත්ත්වයක් බව ද ඇය අවධාරණය කළාය.

    එසේ වුවත් මෙරට තුළ ක්‍රියාත්මක වන රෝග ආවේක්ෂණ වැඩපිළිවෙළ පැවැති අන්දමට තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, ඒ නිසා අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් අවධාරණය කළාය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img