තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලිස් මූලස්ථානය අත්තිඩියට

    පොලිස් මූලස්ථානය අත්තිඩියට

    අත්තිඩියේ පිහිටි පොලිස් දෙපාර්තමේන්තුවට අයත් අක්කර 14 ක භූමියක නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කර පොලිස් මූලස්ථානය එම ස්ථානයට රැගෙන යාමට අමාත්‍ය මණ්ඩල අවසරය හිමිව ඇත.

    අමාත්‍යමණ්ඩල රැස්වීමට ඊයේ (31) මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට එසේ අනුමැතිය හිමිව තිබේ.

    පොලිස් මූලස්ථානය මේ වන විට පිහිටා ඇත්තේ කොළඹ කොටුවේ පිහිටි වසර 100 කට වඩා පැරණි ගොඩනැගිලි තුනක හා යෝක් වීදිය හා චෛත්‍ය පාර මැදිකොට ඉදිකර ඇති ගොඩනැගිල්ලකය. එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත කාර්යාල සහ කොට්ඨාස කිහිපයක් කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිලිවල පවත්වා යනු ලබයි. ඇතැම් ගොඩනැගිලි සදහා මාසික කුලිය රුපියල් ලක්ෂ 50 ඉක්මවනු ඇති බව සදහන්ය.

    2012 වසරේදී ද පොලිස් මූලස්ථානය මිරිහානේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. ඊට අවශ්‍ය පියවර ගෙන නොමැති පසුබිමක් තුළ පොලීසිය සතු බෙල්ලන්තොට හන්දියේ අදාළ ඉඩම පොලිස් මූලස්ථාන සංකීරණය ඉදි කිරීම සඳහා වඩාත් යෝග්‍ය බවට හඳුනා ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img