අංජනා මල්ලවආරච්චි
ලංකා විදුලිබල මණ්ඩලය අත්‍යවශ්‍ය සේවා යටතට පත් කළ ද එහි සේවය කරන හා දැඩි අවදානමකට ලක්ව සිටින සේවකයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට බලධාරීන්ගේ උනන්දුවක් නැතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය චෝදනා කරයි.
ඉතා අවදානම් තත්වයකට මුහුණපා සිටින විදුලි සේවකයින්ට එන්නත් ලබානොදීම පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම-ලේකම් ධම්මික විමලරත්න මහතා පැවසීය.
මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උපපොලවල පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල සහ ඉංජිනේරු කාර්යාලවල හා ආයතනවලින් කොවිඩ් රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් හමුවී තිබෙන බව ද සම-ලේකම්වරයා කීය.
මේ නිසා අත්‍යවශ්‍ය සේවාවක නිරත වන සහ අවදානම් සේවාවක කටයුතු කරන විදුලි සේවකයින්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ධම්මික විමලරත්න මහතා කීය.