Home උණුසුම් පුවත් බුදුදහම රැකීමට අභි‍යෝග වියහැකි ‍උසාවි තීන්දුවක් ගැන ජනපති හෙළිකරයි

බුදුදහම රැකීමට අභි‍යෝග වියහැකි ‍උසාවි තීන්දුවක් ගැන ජනපති හෙළිකරයි

බුදුදහම රැකීමට අභි‍යෝග වියහැකි ‍උසාවි තීන්දුවක් ගැන ජනපති හෙළිකරයි

යෝජිත කුලී ආදායම් බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදයම් ලබන්නන් වෙත පැනවෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවයි.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයක් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිිබඳවයි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපතිවරයා අද මැතිසබයේදී මේ බව පැවසීය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීම සම්බන්ධව ද අභියෝගයක් විය හැකි තීරණයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(18) පාර්ලිමේන්තුව අමතා සිදු කළ සම්පූර්ණ කථාව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here