fbpx
තවත්
    මුල් පිටුවspecialමේ පාරෙන් ලංකාව ගොඩයයිද?

    මේ පාරෙන් ලංකාව ගොඩයයිද?

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රශ්න නොකර සිටීමට වඩා, ශ්‍රී ලංකාව තමන්ගේම න්‍යාය පත්‍රයක් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට සහභාගී විය යුතු බව ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික විද්‍යා ආශ්‍රිත සහයෝගීතාවයේ (IDEAs) අධ්‍යක්ෂ, චාර්ල්ස් ඇබුග්‍රේ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් තනිකරම තාක්ෂණික නොවන බවයි.

    ඔහු මේ බව කියාසිටියේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීම පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම්, සිවිල් සමාජය, දේශපාලනඥයන් සහ මාධ්‍ය සමඟ “මේ පාරෙන් ගොඩ යයිද? ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ අනාගතය ” යන තේමාව යටතේ පසුගියදා(10) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මහජන සම්මන්ත්‍රණයේ දී ය.

    මේ සඳහා ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය, දැනට නිව් යෝර්ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාර්ටින් ගුස්මාන්, ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සහ මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ, ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික විද්‍යා ආශ්‍රිත සහයෝගීතාවයේ (IDEAS) සම – නිර්මාතෘ මහාචාර්ය ජයති ඝෝෂ් සහ ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික විද්‍යා ආශ්‍රිත සහයෝගීතාවයේ (IDEAs) අධ්‍යක්ෂක චාර්ල්ස් ඇබුග්‍රේ අදහස් දක්වමින් සහභාගී විය.

    මෙම සම්මන්ත්‍රණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය උදෙසා වැඩකරන මහජන ව්‍යාපාරවලට සහ මහජනතාවගේ අරගලවලට සහාය දැක්වීම සඳහා පර්යේෂණ සහ උපදේශනයන්හි යෙදී සිටින ක්‍රියාකාරීන්ගේ සහ විද්වතුන්ගේ වේදිකාවක් වන “යුක්ති” සාමූහිකයේ මුලපිරීමකි.

    ජාත්‍යන්තර ප්‍රවීණයන් මෙහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශයන් මූලික කරගෙන, දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහන් නැවත සාකච්ඡා කිරීමටත්, IMF මැදිහත්වීම පිළිබඳ ඔවුන්ගේ රටවල සහ ඔවුන් අධ්‍යයනය කළ අනෙකුත් රටවල අත්දැකීම්වලින් ලබාගත් කරුණු සංසන්දනාත්මකව ඉදිරිපත් කළහ. නිදසුනක් වශයෙන්, ආර්ජන්ටිනාව, 2000 වසරවල ගණන්වල මුල් භාගයේ සිට නැවත නැවතත් ආර්ථික කම්පනයන්ට මුහුණ දී ඇත්තේ, පුද්ගලික ණය හිමියන් විසින් දරනු ලබන බාහිර ණයට අධික ලෙස නිරාවරණය වීම හේතුවෙනි. ගුස්මාන් විසින් 2020 වසරේ දී ආර්ජන්ටිනාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙහෙය වූ අතර, ග්‍රීසියෙන් පසු ලෝකයේ දෙවන විශාලතම, ස්වෛරී බැඳුම්කරණය 55%න් අඩු කිරීම සාර්ථක විය.

    “ශ්‍රී ලංකාව තමන්ගේම න්‍යාය පත්‍රයක් මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට යා යුතුයි”

    ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික විද්‍යා ආශ්‍රිත සහයෝගීතාවයේ (IDEAs) අධ්‍යක්ෂ, චාර්ල්ස් ඇබුග්‍රේ

    ඝානාවේ විදේශ ණය අර්බුදය සහ ශ්‍රී ලංකාව ඇබුග්‍රේ සංසන්දනය කළේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම පැහැර හැරීමෙන් පසුව, රටවල් දෙකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඔවුන්ගේ 17 වන ගිවිසුමේ සිටින බව සඳහන් කරමිනි.

    ශ්‍රී ලංකාව මෙන්ම ඝානාව ද පසුගිය දශක හතර තුළ පුනරාවර්තන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මත විශ්වාසය තබා ඇති නමුත් රටවල් දෙකම අර්බුදය අවසන් වී ඇති බව ඇබුග්‍රේ අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ගැති රාජ්‍යය සහ එහි ණය හිමියන් අතර අපක්ෂපාතී නොවන බවත්, එහි උපදෙස් තනිකරම තාක්ෂණික නොවන බවත් ඔහු පැහැදිලි කළේය. ඒ වෙනුවට, පෞද්ගලික ප්‍රාග්ධනයට පක්ෂපාතී වන එහි විශාලතම කොටස් හිමියන් විසින් ආධිපත්‍යය දරන ආයතනයක් ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට දේශපාලන සාධක ප්‍රධාන බව ඔහු අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන ප්‍රශ්න නොකර සිටීමට වඩා, ශ්‍රී ලංකාව ස්වකීය ජාතික සහ සංවර්ධන න්‍යාය පත්‍රය මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට සහභාගී විය යුතු බව ඔහු තර්ක කළේය.

    “IMF නියෝග පිළිපැදීම හැර වෙනත් විකල්පයක් රටවලට නැත යන්න මිත්‍යාවක්”

    ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය, නිව් යෝර්ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාර්ටින් ගුස්මාන්

    ණය නිසා පීඩාවට පත් රටවලට ඔවුන්ගේම ණය තිරසාර විශ්ලේෂණයක් තිබිය යුතු බවත්, එමඟින් IMF විසින් සකස් කරන ලද ඒවා තක්සේරු කර තරඟ කළ හැකි බවත් ගුස්මාන් විස්තර කළේය. ආර්ජන්ටිනාව සඳහා එහි ණය හිමියන් සහ IMF සමඟ හිටපු සාකච්ඡාකරුවෙකු ලෙස, ජාත්‍යන්තර නීතිය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යාන්ත්‍රණයක් නොමැති බව ඔහු පැහැදිලි කළේය. විවිධ ණය හිමියන් සමඟ තනි තනිව සාකච්ඡා කර වෙනම ගිවිසුම්වලට එළඹීම හැර ණය ගැති රාජ්‍යයන්ට වෙනත් විකල්පයක් නොමැත. මෙම ක්‍රියාවලියේදී කේවල් කිරීමේ බලයේ තීරණාත්මක කාර්යභාරය බව ගුස්මාන් අවධාරණය කළේය. ඵලදායී ලෙස සාකච්ඡා කිරීම සඳහා මුදල්, මූල්‍ය සහ ඵලදායිතාව සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් රටවල් සඳහා පැහැදිලි ජාතික ප්‍රතිපත්ති තිබිය යුතු බව ඔහු අවධාරණය කළේය. ඔහු තර්ක කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පිළිපැදීම හැර වෙනත් විකල්පයක් රටවලට නැත යන මතය, මිථ්‍යාවක් යැයි ඔහු අභියෝග කළේය. සාකච්ඡා ක්‍රියාවලියේදී එවැනි විකල්පවල හැකියාව පිලිබඳ සාක්ෂියක් ලෙස ඔහු ආණ්ඩුව තුළ ඔහුගේ පාලන කාලය තුළ ආර්ජන්ටිනාවේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම උපුටා දක්වයි.

    “IMF කොන්දේසිවල බර සමාජයේ පහළම කොටස මත පැටවීම නොකළ යුතුයි”

    ඉන්දියාවේ ජවහර්ලාල් නේරු සහ මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්ව විද්‍යලයන්හි ආර්ථික විද්‍යාඥ, ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික විද්‍යා ආශ්‍රිත සහයෝගීතාවයේ (IDEAS) සම-නිර්මාතෘ මහාචාර්ය ජයති ඝෝෂ්

    ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම ඇතුළුව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොළවල්වලින් ණය ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව දිරිමත් කළ ආකාරය ගවේෂණය කිරීමට මහාචාර්ය ජයොති ගෝෂ් ගෝලීය සන්දර්භයන් උකහා ගත්තාය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද ප්‍රාග්ධන ගිණුම් ලිහිල් කිරීමේ ආර්ථික උපාය මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලදී. ස්වෛරී බැඳුම්කරවල අතිශය ඉහල කුපන් අනුපාත දැනටමත් එහි හිමිකරුවන්ට වන්දි ලබා දී ඇති බව ඝෝෂ් තවදුරටත් අවධාරණය කළේය. ණය කප්පාදු කිරීම තීරණය කිරීමේදී මෙම ඉහළ ප්‍රතිලාභයන් මත තබා ගත යුතුය. මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණවල බර සාමාන්‍ය ජනතාවට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහ විශේෂයෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජීය වියදම් සඳහා වන රාජ්‍ය වියදම් කපා හැරීම සඳහා කම්පනයට පත්වන වැටුප් සුබසාධන නොලබන රැකවරණ නොමැතිව සේවයේ යෙදෙන කාන්තාවන්ට අසමාන ලෙස බලපාන බවද මහාචාර්ය ජයොති ඝෝෂ් සම්මන්ත්‍රණය තුළදී අවධාරණය කරන ලදි. අර්බුදය සම්බන්ධයෙන් අවම වගකීමක් ඇති සමාජයේ එම කොටස් මත ගැළවීමේ බර පැටවීම නොකිරීමේ වැදගත්කම ඇය අවධාරණය කළාය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් අනෙකුත් ණය ගැති රටවල් සමඟ සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවය, IMF සහ පුද්ගලික ණය හිමියන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ එහි භූමිකාවට එරෙහිව පසුපසට තල්ලු කිරීමේ අවශ්‍යතාවය සහ ආර්ථික හා ණය අර්බුදයෙන් දුප්පත් රටවල් සඳහා සාධාරණ මාර්ග සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාවය ද මහාචාර්යතුමිය විසින් යෝජනා කළාය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.