Home උණුසුම් පුවත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන වෙනස් විදියකට හොයන්න ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන වෙනස් විදියකට හොයන්න ජනපතිගෙන් කමිටුවක්

0
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන වෙනස් විදියකට හොයන්න ජනපතිගෙන් කමිටුවක්

2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

ඒ විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුවයි.

රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සළකා බැලේ.

ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳව ද මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතය.

මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here