fbpx
තවත්
    මුල් පිටුවspecialඅමෙරිකානු ජනපතිගේ පුතා තුවක්කු නඩුවේ වරදකරු වෙයි

    අමෙරිකානු ජනපතිගේ පුතා තුවක්කු නඩුවේ වරදකරු වෙයි

    අමෙරිකානු ජනපති ජෝ බයිඩෙන්ගේ පුත් හන්ටර් බයිඩෙන් ඔහුට එරෙහිව පැවති නඩුවක සියලුම චෝදනාවලට වරදකරු බවට අධිකරණය තීන්දු කර තිබේ.

    54 වියැති හන්ටර් බයිඩෙන් යනු ඇමරිකානු නීතිඥයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙකි.

    ඔහුට එරෙහිව පැවති මත්ද්‍රව්‍ය භාවිතා කරමින් තුවක්කුවක් ළඟ තබා ගැනීමේ චෝදනා තුනටම වැරදිකරු වූ බව එම නඩුව විභාග කළ ජූරි සභාව තීන්දු කර ඇත.

    එම චෝදනාවලින් දෙකකට උපරිම වශයෙන් වසර 10ක සිරදඬුවමක් හිමිවන අතර තුන්වැන්නට උපරිම වශයෙන් වසර පහක සිරදඬුවමක් හිමිවේ.

    එරට නීතියට අනුව අදාළ සෑම වරදකටම ඩොලර් 250,000 ක උපරිම දඩයක් ද ගෙවීමට සිදුවනු ඇති බවට මාධ්‍ය වාර්තා කරයි.

    අමෙරිකානු දිස්ත්‍රික් විනිසුරු මායෙලන් නොරෙයිකා පැවසුවේ දඬුවම් නියම කරන දිනය පසුව දැනුම් දෙන බවයි.

    තම පුත්‍රයා වරදකරු වීමෙන් පසුව ජනාධිපති ජෝ බයිඩෙන් ඒ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් දක්වා නැතත් මේ පිළිබඳ ඔහු පසුගිය සතියේ පවසා තිබුණේ තම පුත්‍රයා මෙම චෝදනාවලට වැරදිකරු වුවහොත් තමා ද ඔහුට සමාව නොදෙන බවයි.

    කෙසේවෙතත් ඊට පෙර ජනාධිපතිවරයා මේ පිළිබඳ ප්‍රකාශ කර තිබුණේ “මම ජනාධිපති තමයි. ඒත් මමත් පියෙක්” එමෙන්ම, “මමත් මගේ පවුලේ අයත් පුතා එක්ක එකටම ඉන්නවා” යනුවෙනි.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.