Home උණුසුම් පුවත් හිටපු පොලිස් ලොක්කෝ රැසක් මාලිමා රැස්වීමේ

හිටපු පොලිස් ලොක්කෝ රැසක් මාලිමා රැස්වීමේ

හිටපු පොලිස් ලොක්කෝ රැසක් මාලිමා රැස්වීමේ

විශ්‍රාමික පොලිස් නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් මාලිමාවේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව මහරගමදී අද පවත්වා තිබේ.

ජාතික ජන බලවේගය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

මෙම රැස්වීමේ කැඳවුම්කරු ලෙස කටයුතු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීහු රැසක් මීට සහභාගී වී සිටින දක්නට ලැබිණි.

කෙසේවෙතත් මෙම රැස්වීමේ ඡායාරූප බෙදාගනිමින්, සමාජ මාධ්‍ය තුළ බොහෝදෙනෙකු විවේචනයට ලක්කොට තිබුණේ, දේශපාලන අනුග්‍රහය ලබන රැස්වීමක හිටපු පොලිස් නිලධාරීන් සහභාගී වීම තුළ ඔවුන් සේවයේ සිටියදී කරන ලද විමර්ශනවල විනිවිදභාවය ද ප්‍රශ්න කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here