ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබේ.
ඒ ඉන්දීය මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබමින් තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ අද දිවුරුම් දෙන නරේන්ද්‍ර මෝදි මහතාගේ නිල උත්සවයට සහභාගී වීම සඳහායි.
මෝදි මහතා විසින් සිදු කරන ලද ආරාධනයට අනුව ජනාධිපතිවරයා අද (09) සවස පැවැත්වීමට නියමිත දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගි වනු ඇත.
ආරාධිත අමුත්තන් 9000ක් පමණ සහභාගි වන මෙම අවස්ථාවට ඉන්දියාවේ අසල්වැසි සහ ඉන්දියානු සාගර කලාපයේ රාජ්‍ය නායකයින් 7 දෙනකුට සම්භාවනීය අමුත්තන් ලෙස සුහදව ආරාධනා කර ඇති බව ඉන්දීය රජය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, සීෂෙල්ස් හි උප සභාපති අහමඩ් අෆීෆ්, බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනා, මොරිෂස් අගමැති ප්‍රවින්ඩ් කුමාර්, නේපාල අගමැති පුෂ්ප කමල් දහල් සහ භූතානයේ අගමැති ෂෙරින් ටොබ්ගේ යන මහත්වරුන් ඒ සඳහා සහභාගී වීමට කරන ලද ආරාධනය පිළිගෙන ඇති බව නරේන්ද්‍ර මෝදි කාර්යාලය පවසයි.
දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමෙන් පසුව මෙම රාජ්‍ය නායකයින්, ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය විසින් රාෂ්ට්‍රපති භවන්හිදී පවත්වනු ලබන භෝජන සංග්‍රහයකට සහභාගී වනු ඇත.
අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට අඛණ්ඩව තෙවැනි වරටත් සහභාගී වීමට නායකයින්ට ආරාධනා කර ඇත්තේ ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තියට සහ ‘සාගර්’ දැක්මට ලබා දී ඇති ඉහළම ප්‍රමුඛතාවයට අනුපිළිවෙළට ය.