Home දේශීය පුවත් GOSSIP මොරටුව නගරාධිපති මාංචු නොමැතිව අධිකරණයට රැගෙන ආ හැටි සොයයි

මොරටුව නගරාධිපති මාංචු නොමැතිව අධිකරණයට රැගෙන ආ හැටි සොයයි

මොරටුව නගරාධිපති මාංචු නොමැතිව අධිකරණයට  රැගෙන ආ හැටි සොයයි

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවේ සිට ඔහුව අධිකරණයට ඉදිරිපත්කිරීමට රැගෙන ගිය මොහොත දක්වා පොලීසිය කටයුතු කළේ සැකකරුවෙක් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරයට දැයි සොයා විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඊට හේතුවී ඇත්තේ නගරාධිපතිවරයාට පොලීසියේදී විශේෂ සැලකිල්ලක් දක්වමින් අධිකරණයට රැගෙන යන විට විලංගුද නොදමා තිබුණු බවට පොලීසියට එල්ලවන චෝදනාවයි.

“යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන රැගෙන යාමේදී ඒ පිළිබද ක්‍රියාකල යුතු නිර්නායක තිබෙනවා. ඒ නිර්නායකවලට පටහැනිව යමෙක් කටයුතු කර තියෙනවද කියල මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භකරල තියෙනවා. එහිදී යම් පොලිස් නිලධාරියෙක් ඒ අනුව කටයුතුකර නැති නම් ඒ අයට එරෙහිව පියවර ගන්නවා“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා අද (31) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here