තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPපියුමි හංසමාලි- චන්දිමාල් ජයසිංහට ඇප

    පියුමි හංසමාලි- චන්දිමාල් ජයසිංහට ඇප

    කොළඹ ෂැග්‍රිලා හෝටලයේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි යන දෙදෙනා අද (31) අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

    ඒ රුපියල් මිලියනයක පුද්ගලික ඇප දෙකක් මතයි.

    නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් මෙම හෝටලයේ 10 වැනි තට්ටුවේ පිහිටි කාමරයක් තුළ පැවැත්වීමේ චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගැනිණ.

    එම සාදයට 20 කට 30 කට වැඩි පිරිසක් සහභාගිවී සිට ඇති අතර කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුකට අනුව අද අළුයම වැටලීම කර ඇති බව සදහන්ය. පොලීසිය එහි යනවිට සාදය අවසන්ව කාමරයේ සිට ඇත්තේ චන්දිමාල් සහ පියුමි හංසමාලි පමණක් බව ඇය ඒ වන විට මත්පැන් පානය කර සිටි බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

    සාදයට සහභාගගිවූ පිරිසෙන් 12 දෙනෙක් හදුනාගෙන ඇති බවත් සෙසු අය හදුනා ගැනීමට ආරක්ෂක කැමරා දර්ශන උපයෝගී කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    සබැදි පුවත

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img