තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙටත් දිස්ත්‍රික් කිහිපයක ඉස්කෝල නිවාඩුයි

    හෙටත් දිස්ත්‍රික් කිහිපයක ඉස්කෝල නිවාඩුයි

    අධික වැසි සහිත කාලගුණයේ බලපෑමෙන් මතුවූ ආපදා තත්ත්වය හේතුවෙන් පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (04) පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇත.

    අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ සෙසු සියලු‍ පළාත්වල හා දිස්ත්‍රික්කවල ද කලාපවල ද හෙට(04) දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව ය.

    හෙට දිනෙන් පසු ඇති වන කාලගුණ තත්වය මත පළාත් බලධාරීන් විසින් කලාප අධ්‍යක්ෂවරුන් දැනුම්වත් කර පාසල් පැවැත්වීමට අදාළ තීරණ ගනු ඇති බව ද අමාත්‍යාංශය කියයි.

    හෙට (2024/06/04) දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්‍රික්ක හා කලාප පහතින්.

    1. සබරගමුව පළාත
    ■ රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ කෑගල්ල දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්

    2. දකුණු පළාත
    ■ ගාල්ල දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ මාතර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්

    3. බස්නාහිර පළාත
    ■ කළුතර දිස්ත්‍රික්කය – සියලු‍ ම පාසල්
    ■ කොළඹ දිස්ත්‍රික්කය – හෝමාගම කලාපය

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img