Home උණුසුම් පුවත් ප්‍රදේශ ගණනාවකට නායයාම් -ගංවතුර අවදානම තවදුරටත්

ප්‍රදේශ ගණනාවකට නායයාම් -ගංවතුර අවදානම තවදුරටත්

ප්‍රදේශ ගණනාවකට නායයාම් -ගංවතුර අවදානම තවදුරටත්

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික් අටකට නායාමේ අවදානමක් සහ ප්‍රදේශ කීපයකට සුළු ගංවතුර තත්ත්වයක් හටගනු ඇති බව ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වලට හෙට දිනය දක්වා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

මීළඟ පැය 48ක කාලය සඳහා කුඩාගඟ, මගුරුගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශ වෙත ගංවතුර තත්ත්වයක් පිළිබඳවද අනතුරු අඟවා ඇත.

ඒ අනුව කුඩාගඟ මගුරුගඟ නිම්නවල පහත් බිම්වන බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතී.

පවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවලට ගස් කඩා වැටීම්, විශාල ගල් පෙරළීම්, පස් කඳු කඩා වැටීම් සහ නායයාම් අවදානම් පිළිබඳ අනතුරු ඇඟවෙයි.

එම ප්‍රදේශ සහ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අවදානම් කළමනාකරණය පිළිබඳ උපදෙස් පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here