Home උණුසුම් පුවත් මල්වතු මහනාහිමිගෙන් අඩුආදායම්ලාභී පවුල් 500කට වියළි සලාක

මල්වතු මහනාහිමිගෙන් අඩුආදායම්ලාභී පවුල් 500කට වියළි සලාක

මල්වතු මහනාහිමිගෙන් අඩුආදායම්ලාභී පවුල් 500කට වියළි සලාක

(නදීක දයා බණ්ඩාර – මහනුවර)

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අඩු ආදායම් ලාභි පවුල් 500 ක් සඳහා වියළි සලාක ලබාදීම මල්වතු මහා විහාරයේ දී ඊයේ (30) සිදුවිය.

සිය ජන්ම දිනය නිමිත්තෙන් මහා නායක හිමියන් වාර්ෂිකව ප්‍රජා සත්කාර සිදුකරන අතර ඒ යටතේ මෙවර අඩු ආදායම්ලාභින් සඳහා ද්‍රව්‍යාධාර ප්‍රදානය කිරීම සිදුකෙරිණි.

චීනයේ අන්ෆු විහාරස්ථානයේ මී දා හොන්ග් මෙහෙණින් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ දායක දායිකාවන් මේ සඳහා දායකත්වය ලබා දී තිබේ.

දළදා තේවාව භාර පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර හිමි, මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව නියෝජනය කරන පූජ්‍ය දොරණෑගම රතනපාල හිමි සහ පූජ්‍ය මහවෙල රතනපාල යන ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here