Home special උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට අසූචි පිරවූ බැලුන් ප්‍රහාරයක්

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට අසූචි පිරවූ බැලුන් ප්‍රහාරයක්

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට අසූචි පිරවූ බැලුන් ප්‍රහාරයක්

උතුරු කොරියාව විසින් අසූචි ඇතුළු අපද්‍රවය ඇතුලත් මළුවලින් සමන්විත වායු බැලුන විශාල සංඛ්‍යාවක් දකුණු කොරියාව දෙසට එවා ඇති බවට දකුණු කොරියානු බලධාරීන් චෝදනා කරයි.

ඒ අනුව දකුණු කොරියානු හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය යුධෝපකරණ ඒකකය සහ රසායනික හා ජීව විද්‍යාත්මක යුධ ප්‍රතිචාර කණ්ඩායම විසින් මෙම බැලුන පරීක්ෂා කිරීමට යොදවා ඇති බවට වාර්තා වන අතරම එම බැලුන පතිත වූ ප්‍රදේශවල ජනතාවට ඒ අසලට යාමෙන් වැලකෙන ලෙසට අනතුරු අඟනා ඇති බවටද වාර්තාවේ.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර සිටියේ බදාදා දිනය වන විට බැලුන 150කට වැඩි සංඛ්‍යාවක් උතුරු කොරියාවේ සිට එවා ඇති බවයි. එලෙස දකුණු කොරියානු දේශ සීමාවට පැමිණි ඇතැම් බැලුන තවමත් ගුවනේ සැරිසරන අතර තවත් විශාල සංඛ්‍යාවක් දකුණු කොරියාව තුලට පතිත වී තිබේ.

මේ අතර දකුණු කොරියානු ආරක්ෂක අංශ විසින් මෙය ජාත්‍යන්තර නීතීන් උල්ලංඝණ කිරීමක් ලෙසටද ප්‍රකාශ කර තිබිණි.

මීට පෙර ඇතැම් දකුණු කොරියානු ජාතිකයින් උතුරු කොරියානු පාලනව විවේචනය කරනු ලබන පත්‍රික සහ දකුණු කොරියාන් පොප් ගීත ඇතුලුත් පෙන්ඩ්‍රයිව් බැලුන් සමඟ එල්ලා යැවීමට පියවර ගෙන තිබූණි. මෙම තත්ත්වයෙන් පසුව දැඩි ආන්දොලනාත්මක තත්ත්වයක්ද දෙරට අතර ඇතිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here