Home උණුසුම් පුවත් කට වරද්දාගත් කොතලාවල ආරක්ෂක සරසවියේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට

කට වරද්දාගත් කොතලාවල ආරක්ෂක සරසවියේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට

0
කට වරද්දාගත් කොතලාවල ආරක්ෂක සරසවියේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඉන්දියාවේ දී ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් බව කියන, එරට පොලිස් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකියන් 4 දෙනා සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී මාධ්‍යකට පැමිණ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොලේදී ගුජරාටි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගේ නම්, පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ පුනරුත්ථාපනය කළ යුතු යැයි සඳහන් නම් ලැයිස්තුව අතර ඇතැයි ආචාර්ය පුන්සිරි අමරසිංහ මහතා එම රූපවාහිනී වැඩසටහනේදී පවසා තිබුණි.

ඒ සම්බන්ධයෙන් ඔහු දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක්ද කරනු ලැබීය.

මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේත් විශේෂ අවධානයකට යොමුකර ඇත.

ඒ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනාගේ නම් පාස්කු කොමිෂන් සභාවේ සටහන්ව නොමැති වීම හේතුවෙනි.

ඒ පිළිබඳ පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව යළිත් සැළකිල්ලෙන් යුතුව පරීක්ෂා කර බලා අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඔහු ඒ කළ ප්‍රකාශයට අදාල සැකකරුවන් සිව් දෙනා ගැන පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සටහන්ව ඇත්තේ කුමන පිටුවකදැයි කියාය.

එම ප්‍රශ්න කිරීමේ දී ආචාර්ය පුන්සර අමරසිංහ මහතාට නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වී ඇත.

තහවුරු නොවූ පදනම් විරහිත ප්‍රකාශයක් රූපවාහිනී මාධ්‍යයෙන් පැවසීම සම්බන්ධයෙන් ඔහු එහිදී සමාව ඉල්ලා සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

කෙසේවෙතත් ඉහත චෝදනාවෙහි බරපතලකම සැලකිල්ලට ගෙන ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධිකරණයට ඉදිරිපත්කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here