පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින සිටින නෙදර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගයේ දී පරාජය කිරීමට අද (28) සමත්විය.
අමෙරිකාවේ ලෝඩර්හිල් හි සෙන්ට්‍රල් බ්‍රෝවර්ඩ් ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයට මුලින් වර්ෂාවෙන් බාධා ඇතිවිය. කෙසේ වෙතත් ප්‍රමාද වී ආරම්භ වූ තරගය නියමිත පරිදි පන්දුවාර විස්ස තරගයක් ලෙස ක්‍රියාත්මක විය.
පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 5ක් දැවී ලකුණු 181ක් ලබා ගත්තේය. ජයග්‍රහණය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18.3ක දී සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 161ක් පමණි.