Home උණුසුම් පුවත් සජබ-මාලිමා විවාදය මඟහරින්නේ කවුද?

සජබ-මාලිමා විවාදය මඟහරින්නේ කවුද?

සජබ-මාලිමා විවාදය මඟහරින්නේ කවුද?

විවාදය පැවැත්වීමට අවශ්‍ය පදනම තම පක්ෂය සකසා තිබියදීත්, ජාතික ජන බලවේගය විවාදය මඟහැරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

සමගි ජන බලවේගය මෙහෙයුම් ප්‍රධානී මෙන්ම විවාදයේ සම්බන්ධීකාරක ලෙසින් කටයුතු කරන පා.ම. නලින් බණ්ඩාර මහතා, ජාතික ජන බලවේගය විධායක සභික නලින් ද ජයතිස්ස මහතා වෙත අද (27දා) ලිපියක් යොමුකරමින් මේ බව පවසා සිටී.

එම ලිපියට අනුව සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව දැනටමත් රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වූ තාක්ෂණික සැලසුමක් සහිත මාර්ග සිතියමක් ප්‍රකාශයට පත්කර තිබේ.

එලෙස විවාදයට අවශ්‍ය පදනම තම පක්ෂය සකසා තිබියදී පවා, ජාතික ජන බලවේගය විසින් ආර්ථික කමිටු විවාදය මඟ හැරීමට දරන උත්සාහය තේරුම් ගැනීමට අපහසු බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

නලින් බණ්ඩාර මහතා, නලින් ද ජයතිස්ස මහතා වෙත යොමුකළ ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here